02 May 2025


ආදායම් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට



අල්ලස් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ආදායම් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මීමන ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයෙක් බවයි වාර්තා වන්නේ.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයෙක් ලෙසද ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)