02 May 2025


අග්‍රාමාත්‍යවරියගෙන් මැයි දිනයට පණිවිඩයක්



වැඩකරන ජනතාව ලෙයින් දහඩියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ 139වන ලෝක කම්කරු දිනය සමරමු යන්න අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ මැයි දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින්.

75 වසරක් පුරා පාලක පන්තියේ තාඩනපීඩන මතින් නැගී සිටිමින් දූෂිත දේශපාලනය මුලිණුපුටා දමමින් ජනතාවගේ රජයක් යටතේ මෙවර කම්කරු දිනය සැමරීම ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරන බවයි.

කල්ලිවාදය, දේශපාලන හිතවත්කම් සහ ගජමිතුරු සැලකීම් හමුවේ අසාධාරණයට පත්ව සිටි වැඩ කරන ජනතාව 2024 වර්ෂයේ අභියෝගාත්මක තීරණයක් ගනිමින් ⁣සමස්ථ දේශපාලන සංස්කෘතිය උඩුයටිකුරු කිරීම අගාධයට ඇද දැමූ රට ගොඩ ගැනීමට ගත් අභීත ව්‍යායාමයක් බව ඇය පෙන්වා දෙනවා.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ ජනතාවාදී රජයක් ලෙස ජනතා අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් විකෘති මාවතක ගමන් ගත් ආර්ථික, දේශපාලන, සාමාජීය, සංස්කෘතික මෙන්ම නෛතික රාමුවද යළි ප්‍රකෘති මාවතකට ගැනීමට මහත් වෙහෙසක් දරමින් සිටින බවයි.

(colombotimes.lk)