පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද (02) පෙරවරු 9.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්.
ලබන 08වනදා සහ 09වනදා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තීරණය කිරීම වෙනුවෙන් මෙම රැස්වීම කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයේ 2වන දිනය තීරණය කිරීමද මෙම රැස්වීමේ දී සිදු කිරීමට නියමිතයි.