26 December 2024


කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්



කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රමිකයන්ට හා විදේශිකයන්ට සිය ජීවමිතික ඇඟිලි සලකණු ලබාදෙන ලෙස එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් මඟින් දැනුම්දී තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ ඇඟිලි සලකුණු ලබාදිය හැකි අවසාන දිනය 2024 දෙසැම්බර් 31 වනදා අවසන් වන බවයි.
 
කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඇඟිලි සලකණු එරට අභ්‍යන්තර අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇති ස්ථානවලදී ලබාදෙන ලෙස  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

(colombotimes.lk)