සෙවනගල පොලිස් වසමේ කිරිවැව ප්රදේශයේදී විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙක් ඊයේ (21) මිය ගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ විදුලි සැර වැදීමෙන් අනතුරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු මිය ගිය බවයි.
ඔහු නිවසක බ්ලොක් ගල් කපමින් සිටියදී විදුලි සැර වැදී ඇති බවට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 45ක් වූ වැලිආර, සෙවනගල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)