26 December 2024


අලුත්වැඩියා කරමින් තිබූ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි



ගාල්ල, නාගොඩ බද්දේගම මාර්ගයේ ගිං ගඟ හරහා ඇති යකඩ පාලමක අලුත්වැඩියා කටයුතු කරමින් සිටි පුද්ගලයෙක් අද (21) සවස එම පාලම කඩා වැටීමෙන් මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පාලමේ මැද කම්බිවල සිරවීම හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම මියගිය බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)