04 January 2025


ශ්‍රී ලංකා රේගුවෙන් වාර්තාගත ආදායමක්



ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.5ක් ඉක්ම වූ ආදායමක් වාර්තා කර තිබෙනවා.

එය ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ වසරක් තුළ ලබාගත් ඉහළම ආදායම වාර්තා කරමින්.

ඒ අනුව රජය විසින් 2024 වසරේදී රේගුව සඳහා ලබාදී තිබූ රුපියල් ට්‍රිලියන 1.533ක ආදායම් ඉලක්කය ආසන්නය දක්වා පැමිණීමට එම දෙපාර්තුමේන්තුව සමත්වී තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සඳහන් කළේ රජයේ බදු ප්‍රතිපත්තිය, ආනයන ප්‍රමාණය ඉහළයාම හා රේගු කළමනාකාරිත්වය විසින් සිදු කරන ලද බදු එකතු කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම මේ සඳහා බලපා ඇති බවයි.

(colombotimes.lk)