ලබන 10 වනදායින් පසුව කිසියම් ව්‍යාපාරිකයෙක් විසින් සහල් ආනයනය කළහොත් ඒවා යළි හරවා යවන බව වෙළඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ සහල් ආනයනයට ලබා දුන් කාලය ලබන 10වනදා මධ්‍යම රාත්‍රී 12න් අවසන් වන බවයි.
වෙළෙඳපොළේ පවතින සහල් හිඟය හේතුවෙන් සහල් ආනයනය කිරීමට රජය තීරණය කළා.
ඒ අනුව මේ වන විට පුද්ගලික අංශය මඟින් සහල් මෙට්‍රික් ටොන් 75,000ක් ආනයනය කර තිබෙනවා.
එම සහල් අතරට කැකුලු සහල් මෙට්‍රික් ටොන් 32,000ක් සහ නාඩු සහල් මෙට්‍රික් ටොන් 43,000ක් ඇතුළත් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)