ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ හංගේරියාවේ ඇග්නස් කෙලෙටි අභාවප්‍රාප්ත වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇග්නස් කෙලෙටි හංගේරියාවේ බූඩපෙස්ට්හි හමුදා රෝහලේදී පසුගිය 02 වනදා අභාවප්‍රාප්ත වූ බවයි.
ඇය අභාවප්‍රාප්ත වන විට 103වන වියේ පසුවුණා.
1952 වසරේදී පළමු ඔලිම්පික් රන් පදක්කම දිනාගත් මෙම හංගේරියානු ජිම්නාස්ටික් ශූරිය රන් පදක්කම් 5ක්ද ඇතුළුව දිනා සිටි සමස්ත ඔලිම්පික් පදක්කම් ගණන 10ක් බවයි වාර්තා වන්නේ.
කෙලෙටි 1940දී පළමු හංගේරියානු ශූරතාව දිනාගත් පසු ඇයගේ යුදෙව් සම්භවය නිසා ඇයට සියලුම ක්‍රීඩා කටයුතු කලක් තහනම් වී තිබෙනවා.
(colombotimes.lk)