05 January 2025


චීනය පුරා තවත් භයානක වෛරසයක් පැතිරෙයි



චීනයේ තවත් වෛරසයක් පැතිරෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ Covid-19 වසංගතයට සමාන වෛරස් ප්‍රභේදයක් බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වෛරසය Human metapneumovirus (HMPV) යන නමින් හඳුන්වන අතර Covid-19 රෝගීන්ද ඒ අතර වන බවයි.

මෙම වෛරස් තත්ත්වය හේතුවෙන් චීනයේ රෝහල් පිරී ගොස් තිබෙනවා.

චීනයේ සෞඛ්‍ය බලධාරීන්ට අනුව වෛරසය රටේ උතුරු ප්‍රදේශ පුරා ව්‍යාප්තවෙමින් පවතින අතර, චීනයේ රෝග පාලනය සහ නිවාරණ මධ්‍යස්ථානය විසින් තහවුරු කර ඇත්තේ උතුරු චීනයට මේ හරහා බලපෑම් එල්ල වී ඇති බවයි.

සියලුම වයස්වල පුද්ගලයන්ට ආසාදනය කළ හැකි HMPV ළමුන් තුළ බහුලව දක්නට ලැබෙන බවද විදෙස් වාර්තාවල සඳහන්.

චීන නිලධාරීන් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මේ වන තෙක් මෙම වෛරසය සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර නොමැති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)