01 July 2025

logo

පළාත් පාලන මැතිවරණ සංශෝධිත පනත් කෙටුම්පත මැති සබයට



පළාත් පාලන මැතිවරණ සංශෝධිත පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ මේ වන විට පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය ඉදිරියේදී අභියෝගයකට ලක් නොකළහොත් එය මේ මාසයේදීම සම්මත කිරීමට හැකියාව ලැබෙන බවද ඔහු ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව සාමාන්‍ය පෙළ විභාගයටද බාධාවක් නොවන පරිදි අප්‍රේල් මාසයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)