01 July 2025

logo

පොහොට්ටුවේ පක්ෂ යාන්ත්‍රණය පණ ගැන්වීමට නව වැඩපිළිවෙළක්



පක්ෂ යාන්ත්‍රණය යළි පණ ගැන්වීම සඳහා නව වැඩපිළිවෙළක් මේ මස සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සඳහන් කළේ මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බවයි.

ඒ අනුව පක්ෂ යාන්ත්‍රණය පණ ගැන්වීම සඳහා වන වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)