කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක් හරහා ඊයේ (29) රාත්‍රියේ හමා ගිය දැඩි සුළං තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිද වැටීම් වාර්තා වී ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න කියා සිටියේ ඒවා කඩිනමින් යථා තත්වයට පත් කිරීම සදහා කණ්ඩායම් යොමු කර ඇති බවයි.
එවැනි බිද වැටීම් තිබේ නම් 1987 කෙටි අංකය ඔස්සේ හෝ (CEB Assist) ජංගම යෙදවුම හරහා දැනුම් දෙන ලෙස ද විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)