ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන බවත් හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වන අතර විටින් විට පැ.කි.මී. (60-70) පමණ දක්වා ඉහළ යා හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
මේ අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල විටින් විට පැ.කි.මී. (50-60) පමණ දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළුවන බවත් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙන බවත් එහි සඳහන්.
(colombotimes.lk)