ජූලි මාසය වන විට බස් ගාස්තු අසීමිත ලෙස වැඩි වන බව බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.
ඒ අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඔහු කියා සිටියේ සාමාන්‍ය බස් රථයක මිල රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් දක්වා වැඩිවීමක් සිදුවී තිබීම හේතුවෙන් අනෙකුත් පිරිවැයන්ද ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව පිරිවැය ගණනය කිරීමෙන් පසු ජූලි මාසය වන විට බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවද ඔහු සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉන්ධන මිල, අමතර කොටස් සහ භාණ්ඩ පිරිවැය අඩු වුවහොත් බස් ගාස්තු ඉහළ දැමීමට අවශ්‍ය නොවන බවයි.
(colombotimes.lk)