26 December 2024


වැඩිහිටියන්ගේ රුපියල් 3000 දීමනාව අද සිට



අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල ජීවත්වන අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ගේ දීමනාව මේ මස සිට සිය ගිණුම් වෙත බැර කිරීමට සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද (22) සිට රුපියල් 3000ක් වූ වැඩිහිටි දීමනාව ඔවුන්ගේ බැංකු ගිණුම්වලින් ලබාගත හැකියි.

අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ වැඩිහිටියන් 511,086 දෙනෙක් සඳහා රජය මෙලෙස ප්‍රතිපාදන සපයනු ලබනවා.   

(colombotimes.lk)