01 January 2025


රුසියානු ජනපති සමාව අයදියි



අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් පසුගිය 25 වනදා කඩා වැටීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අසර්බයිජාන ජනාධිපතිවරයාගෙන් සහ එරට වැසියන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ඒ එම ගුවන්යානයට රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවට විමර්ශනවලින් අනාවරණය වීමත් සමඟයි.

රුසියානු හමුදාව විසින් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ එය යුක්‍රේන හමුදාවේ සතුරු ඩ්‍රෝන යානයක් ලෙස වරදවා වටහා ගැනීමෙන් බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුටින්ට අමතරව රුසියානු රජය මෙන්ම රුසියාවේ හමුදාවද මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති බවයි.

මේ අතර රුසියානු ජනාධිපති පුටින්ගේ ශෝක පණිවිඩ නිකුත් කිරීමට පෙරම අසර්බයිජානයේ ගුවන් සමාගම් කිහිපයක් රුසියානු නගර බොහොමයක ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.

(colombotimes.lk)