19 April 2025


දකුණු කොරියාවේ ගුවන් අනතුරෙන් දිවි අහිමිවූවන් ගණන තවත් ඉහළට



දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටපොළේදී ගුවන් යානයක් අනතුරට ලක්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් ඇති බවයි.  

ජෙජු එයාර් සමාගමට අයත් ගුවන් යානය ගොඩබැස්වීමට යාමේදී ධාවන පතයෙන් ඉවතට පැන තාප්පයක ගැටී මෙම අනතුර සිදු වී තිබෙනවා.

මගීන් 175 දෙනෙක්  සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 06 දෙනෙක් රැගත් එම ගුවන් යානය තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)