01 January 2025


මෙම වසර තුළ සිදු වූ අලි මරණ සංඛ්‍යාව ඉහළට



මෙම වසර තුළ වන අලි 350 දෙනෙක් පමණ මිය ගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ වෙඩි තැබීම්වලින් වන අතර එම සංඛ්‍යාව 70කට ආසන්න බවයි.

විදුලි සැර වැදීමෙන් වන අලි 50 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

එමෙන්ම හක්ක පටස් ආහාරයට ගැනීමෙන් 35ක් සහ දුම්රියේ ගැටීමෙන් අලි 10ක් මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

පෙර වසරවලට සාපේක්ෂව මෙම වසරේ වන අලි මරණ වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

(colombotimes.lk)