දේශීය ටයර් නිෂ්පාදකයන් විසින් ටයරයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට සිය එකඟතාවය පළ කළ බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ ඊයේ (31) වෙළඳ අමාත්‍යංශය සහ දේශීය ටයර් නිෂ්පාදකයන්ගේ සංගමය අතර පැවති සාකච්ඡාවකදී ඔවුන් මෙම එකඟතාව පළ කළ බවයි.
එමෙන්ම ටයර් ආනයනය කිරීමෙන් විදේශ විනිමය බොහෝ ප්‍රමාණයක් මෙරටට අහිමි වන බවද නිෂ්පාදකයන් පෙන්වාදී තිබෙනවා.
ඒ අනුව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ටයර් මෙරට තුළ පවතින බැවින් ටයර් ආනයනය කිරීමට සීමාවක් පනවන ලෙසද නිෂ්පාදකයන් විසින් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)