25 June 2025

logo

වසර 07කට පසුව රාජ්‍ය සේවයේ සිදු වන දෙයක් ගැන දැනුම්දෙයි



රාජ්‍ය සේවයට අලුතින් 30,000ක් බඳවා ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. 

අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ රාජ්‍ය පරිපාලන සේවය, සැලසුම් සේවය, විද්‍යාත්මක සේවය ඇතුළු මාණ්ඩලික තනතුරු රැසකටද ඒ යටතේ සුදුස්සන් බඳවා ගන්නා බවයි.

මීට අමතරව කළමණකාරණ සහකාරවරුන්, ග්‍රාම නිලධාරීවරුවන් ඇතුළු රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු රැසක් සඳහාද සුදුස්සන් බඳවා ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

මෙම සියලු බඳවා ගැනීම් තරග විභාග පවත්වා සිදු කරන බවයි වාර්තා වන්නේ. 

රාජ්‍ය සේවයට එක්වර මෙවැනි විශාල පිරිසක් බඳවා ගැනෙන්නේ වසර 7කට පමණ පසුවවීම විශේෂත්වයක්.

(colombotimes.lk)