02 January 2026

logo

රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 17ක් ජීවිතක්ෂයට



ගිනිකොනදිග යුක්රේනයට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 17දෙනෙක් මියගොස් තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන් පාසල්, රෝහල් සහ මගී දුම්රියකට හානි සිදු වී තිබෙන බවයි. 

ප්‍රහාරවලින් තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊසානදිග සුමි නගරයේ සිදු වූ තවත් ප්‍රහාරවලින් කුඩා දරුවෙක් ඇතුළු තවත් තිදෙනෙක් මිය ගොස් ඇති බවයි. 

නෙදර්ලන්තයේ පැවති නේටෝ සමුළුවට යුක්රේන ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. 

ආරක්ෂක විධිවිධාන සහ රුසියාවට තවදුරටත් සම්බාධක පැනවීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සමුළුව අතරතුරදී වොලොදිමීර් සෙලෙන්ස්කි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිත බව වාර්තා වනවා. 

(colombotimes.lk)