ඉන්දීය සුපිරි නළු මෝහන්ලාල් ඔහුගේ නවතම චිත්‍රපටය වන 'පේට්‍රියට්'හී රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
එහිදී ධර්මයුද්ධය 02 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කරන ප්‍රවීණ රංගන ශිල්පී බිමල් ජයකොඩි සමඟ මෝහන්ලාල් සුහද හමුවකට එක් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
'Drishyam' චිත්‍රපට මාලාවේ දෙවන සිංහල දිගහැරුම ලෙසින් එන 'ධර්මයුද්ධය 2' සිනමා පටයේ රූගත කිරීම් සඳහා මෝහන්ලාල් බිමල් ජයකොඩිට සහ ශ්‍රී ලංකා කණ්ඩායමට සිය සුබ පැතුම් එක් කර තිබෙනවා.
සිනමා රසිකයන්ට නැවුම් බලාපොරොත්තුවක් දෙමින් Drishyam 3 සිනමා පටයේ සියලු වැඩ කටයුතු මේ වසර අවසන් වන විට නිම කිරීමට අපේක්ෂා කරන බවත් මෝහන්ලාල් සඳහන් කළා.
(colombotimes.lk)