ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල අගමැති නෙතන්යාහුට දුරකථනය ඔස්සේ අමතා ඉරානයට පහර නොදෙන ලෙස ඉල්ලා සිටි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.
කෙසේවෙතත් සැලසුම් කර ඇති ප්‍රහාරය අවලංගු කිරීමට තමාට නොහැකි බවත් ඉරානය සටන් විරාමය උල්ලංඝනය කළ නිසා එම ප්‍රහාරය දියත් කිරීම මේ මොහොතේ අවශ්‍ය බවත් නෙතන්යාහු ට්‍රම්ප්ට පැවසූ බව වාර්තා වනවා.
ඒ අනුව ඊශ්‍රායලය විසින් නැවත ඉරානයට ප්‍රහාරයක් දියත් කරනු ඇති බවත් එය සැලකිය යුතු ලෙස ප්‍රමාණාත්මකව අඩු කර ඇති බවත්, විශාල ඉලක්ක ගණනකට පහර නොදී තෝරාගත් එක් ඉලක්කයකට පමණක් සිදුවන ප්‍රහාරයක් විය හැකි බවට මත පළවනවා.
(colombotimes.lk)