2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය 2025 නොවැම්බර් මස 10වන දින සිට දෙසැම්බර් මස 05වන දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එම නිවේදනයේ සඳහන් වන්නේ 2025 ජුනි මස 26වනදා සිට 2025 ජුලි මස 21වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර කැඳවීම සිදු කරන බවයි.
එමෙන්ම සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මඟින්ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පෞද්ගලික අයදුම්කරුවන් මෙම විභාගය සඳහා අයදුම් කිරීමට තම ජාතික හැදුනුම්පත් අංකය භාවිතා කළ යුතු බවයි.
(colombotimes.lk)