පසුගියදා පැවති වගාවන්ට හානි කරන සත්ත්ව සංගණනයේ සමස්ත වාර්තාව ලබන 28වනදා එළිදක්වන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
ඔහු කියා සිටියේ අදාළ වාර්තාව තුළ අන්තර්ගත තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව වගා හානි කරන සතුන් පිළිබඳව ඉදිරි තීන්දු තීරණ ගන්නා බවයි.
වගාවන්ට හානි කරනු ලබන රිළවුන්, වඳුරන්, මොනරුන් සහ දඬුලේනුන් සංගණනය පසුගිය 15වනදා දීපව්‍යාප්තව සිදුකළා.
(colombotimes.lk)