colombotimes.lk
සිංහල | English

08 September 2024


අරවින්ද ද සිල්වාට ICC යෙන් විශේෂ වරප්‍රසාදයක්



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා එළඹෙන 14 වෙනිදා මුම්බායි හි පැවැත්වෙන උත්සවයකදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) Hall of Fame වෙත ඇතුළත් කිරීමට නියමිතයි.

Hall of Fame යනු ක්‍රිකට් ක්‍රීඩාවේ දීර්ඝ හා කීර්තිමත් ඉතිහාසයක් ඇති ක්‍රීඩකයින් සහ ජයග්‍රහණ සඳහා ලබාදෙන අගය කිරීමකි. 

මීට පෙර මේ සඳහා ඇතුලත් කරන ලද ශ්‍රී ලංකික ක්‍රීඩකයින් වන්නේ මුත්තයියා මුරලිදරන් (2017), කුමාර් සංගක්කාර (2021) සහ මහේල ජයවර්ධන (2021) යි.

1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකාවේ වීරයා වන අරවින්ද ද සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින තරග 401ක් ක්‍රීඩා කළා.

මීට අමතරව ඔහු ටෙස්ට් තරග 93 කදී ලකුණු 6,361 ක් සහ එක්දින තරග 308 කදී ලකුණු 9,284 ක් රැස් කරගෙන තිබෙනවා.
(colombotimes.lk)