07 January 2026

logo

දෙවන දිනය නිමා වන විට ශ්‍රී ලංකාව ලකුණු 211ක් රැස් කරයි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය සමඟ පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ දෙවන දිනය ඊයේ (07) පැවැත්වුණා.

ඒ ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේදීයි.

දෙවන දිනය නිමාවට පත්වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 45ක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 211ක් රැස්කර ගැනීමට සමත් වුණා.

එහිදී පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 64ක්, ධනංජයද සිල්වා ලකුණු 64ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 54ක් ලබාගෙන සිටිනවා.

පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 325ක් රැස් කළා.

(colombotimes.lk)