colombotimes.lk
සිංහල | English

26 June 2024

මන්නාරම රදගුරු හිමියන් ජනපති අගයයි



ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අති උතුම් ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් අතර හමුවක් අද (16) පෙරවරුවේදී සිදු වුණා.

ඒ, මන්නාරම රදගුරු නිල නිවසේදීයි.

රදගුරු හිමියන් විසින් රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ජනාධිපතිවරයා සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙහිදී අගය කර තිබෙනවා.

පසුව මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද  ජනාධිපතිවරයා සමඟ උන්වහන්සේ සාකච්ඡා කළා.

මන්නාරමේ සිට පේදුරුතුඩුව සහ මුලතිව් පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

(colombotimes.lk)