colombotimes.lk
සිංහල | English

21 September 2024


ගුරු - විදුහල්පතිවරුන් ලෙඩ වෙයි



ගුරු- විදුහල්පති වෘත්තීය සමිති අද (26) දිනයේදී ලෙඩ නිවාඩු වාර්තා කරමින් වැඩවර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ සියලුම ගුරු - විදුහල්පතිවරුන් කොළඹට කැඳවා විරෝධතාවක් පැවැත්වීමට නියමිත බවයි.

ඒ අනුව අද දිනයේ ගුරුවරු ලෙඩ නිවාඩු වාර්තා කරන බැවින් බොහෝ පාසල්වල දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙස ගුරුවරුන් පවසා තිබෙනවා.
(colombotimes.lk)