මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට ගත් තීරණයට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලනය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
2025 වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය 'කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු' යන තේමාව යටතේ පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව මැයි 10වනදා දින සිට 16වනදා දක්වා වෙසක් සතිය ප්‍රකාශයට පත් කිරීමටත් රජය පියවර ගෙන තිබෙනවා.