30 April 2025


තැපැල් ඡන්ද භාවිතය ප්‍රශස්ත මට්ටමක



පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු අද (29) පස්වරු 04.00ට අවසන් වී තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ තැපැල් ඡන්දය සලකුණු නොකළ පිරිස් වෙත ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය භාවිත කිරීමේ කිසිදු හැකියාවක් නොමැති බවයි.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා පුද්ගලයින් 648,495ක් සුදුසුකම් ලැබූ බවයි වාර්තා වන්නේ.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ ඡන්දය භාවිත කිරීම ඉතා ප්‍රශස්ත මට්ටමක පැවති බව තම සංවිධානය වෙත නිරීක්ෂණය වූ බවයි.

පළමු දිනම තැපැල් ඡන්දය භාවිත කිරීම 60% ඉක්මවා ගිය බවත් ඡන්ද සලකුණු කිරීම පැවති දින 4ක කාලය තුළ තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ මට්ටමක පැවැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)