29 April 2025


මෙරටට පැමිණි විශාලතම බහලුම් නෞකාව කොළඹ වරායට



ලොව විශාලතම බහලුම් නෞකාවක් වන MSC MARIELLA නෞකාව කොළඹ වරායේ නැගෙනහිර ජාත්‍යන්තර බහලුම් පර්යන්තය වෙත මෙහෙයුම් කටයුතු සඳහා ළඟා වී තිබෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ බහලුම් පර්යන්තයකට පැමිණි විශාලතම බහලුම් නෞකාව ලෙසින් මෙම නෞකාව හැඳින්විය හැකි බවයි.

2023 වසරේදී ඉදිකරන ලද MSC MARIELLA බහලුම් නෞකාව මීටර් 399.90ක දිගකින් යුතු බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නෞකාවේ පළල මීටර් 61.30ක්. 

 
(colombotimes.lk)