29 April 2025


ඉදිරි පැය 24 තුළ කාලගුණය දරුණු වෙයි



දිවයිනේ ප්‍රදේශ රැසක ස්ථානවල හෙට (29) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්වා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට හෙට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි.

තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාලගුණය ඉල්ලා සිටිනවා.

 
(colombotimes.lk)