මිලියන 63කට අධික පරිශීලකයන්ගෙන් යුත් පාකිස්ථාන යූ ටියුබ් නාලිකා 16ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම පියවර ගත් බවයි.
කාශ්මීරයේ පෙහෙල්ගම් ප්‍රහාරයෙන් පසු ප්‍රකෝපකාරී හා වාර්ගික අර්බුද උත්සන්න වන ආකාරයේ ප්‍රකාශ සිදු කරන බවට චෝදනා කරමින් අදාළ නාලිකා තහනම් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දියාව තුළ තහනමට ලක්වූ පාකිස්ථාන යූ ටියුබ් නාලිකා අතර ප්‍රවෘත්ති නාලිකා මෙන්ම පාකිස්ථාන මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ගේ නාලිකා ද ඇතුළත් බවයි.
(colombotimes.lk)