29 April 2025


රුසියානු - යුක්‍රේන යුද්ධය ගැන පුටින්ගෙන් විශේෂ තීරණයක්



රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් රුසියානු - යුක්‍රේන යුද්ධයට දින 3ක සටන් විරාමයක් නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දෙවන ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් කරන ජයග්‍රාහී සැමරුම්වලට සමගාමීව මෙම සටහන් විරාමය ක්‍රියාතමක කිරීමට පුටින් තීරණය කර ඇති බවයි.

ඒ අනුව මැයි 8වනදා උදෑසන සිට මැයි 11වනදා දක්වා එම සටන් විරාමය ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)