09 May 2025


චමෝද් අවසන් පූර්ව වටයට



ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවේ පිරිමි මීටර 60 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට චමෝද් යෝධසිංහ සමත්වී තිබෙනවා.

ඔහු තත්පර 6.70ක කාලයක් වාර්තා කිරීමට සමත්වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම ඉසව්වේ 2වන මූලික තරගයට චමෝද් සහභාගි වූ අතර එහිදී පළමු හා දෙවන ස්ථාන හිමිකරගත් ඇමරිකාවේ හා ස්විට්සර්ලන්තයේ ක්‍රීඩකයන් දෙපළද තත්පර 6.70ක කාලයක් වාර්තා කර තිබීම විශේෂත්වයක්.

චීනයේ නැංජින් නුවරදී අද (21) ආරම්භ වූ මෙම තරගාවලිය 23වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)