අධිකරණයට අපහාස කළ බවට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය ඇප මත මුදා හරින ලෙස කර තිබෙන ඉල්ලීම ලබන 27වනදා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
ඒ මෙම නඩුකරය අද (22) කැඳවූ අවස්ථාවේදීයි.
පසුගිය රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රමය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
(colombotimes.lk)