03 May 2025


කොළඹ කොටස් වෙළඳපොළ මැයි 06 කලින් වැසෙයි



එළඹෙන මැයි මස 06වන අඟහරුවාදා කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පස්වරු 12:30ට අවසන් කරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම්දීමක් කර තිබෙනවා.

සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සැසිය ක්‍රියාත්මක කර තිබෙන්නේ පෙරවරු 9:30 සිට පස්වරු 2:30 දක්වායි.

නමුත් ආයෝජකයන්, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පහසුව වෙනුවෙන් මෙලෙස පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින සාමාන්‍ය වේලාවට පෙර කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

 (colombotimes.lk)