colombotimes.lk
සිංහල | English

18 October 2024


ක්‍රිකට් අතුරු කමිටුව පිළිබඳ පෙත්සම සලකා බැලීම අදයි



ක්‍රිකට් අතුරු කමිටුවේ කටයුතු අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ පෙත්සම අද (20) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා මෙම කමිටුව පත්කරනු ලැබුවා.

මෙම පෙත්සම පසුගිය 16 වනදා අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේදී කැඳවු අවස්ථාවේ එය අද දින දක්වා කල්තබා තිබෙනවා.

මීට අමතරව අතුරු පාලක කමිටුවේ කටයුතු වළක්වමින් පනවා තිබූ වාරණ නියෝගය දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය තීන්දු කළා.

ඒ, ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත්කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අද දිනය දක්වා ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා ලබාදුන් ප්‍රතිඥාවට අනුවයි.
(colombotimes.lk)