05 June 2025


වගා හානි පිළිබඳව තක්සේරු කිරීම් ඇරඹෙයි



පසුගිය දිනවල ඇදලුනු වර්ෂාව සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව තක්සේරු කිරීම් කටයුතු ආරම්භ කර තිබෙනවා. 

ඒ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින්. 

ඒ අනුව වී, බඩඉරිඟු, අර්තාපල්, ලොකු ලූනු, සෝයා බෝංචි සහ අමු මිරිස් යන වගාවන්වලට සිදුවන හානි සඳහා රක්ෂණ ආවරණ ලබා ගැනීම අවශ්‍ය නොවන බවයි වාර්තා වන්නේ. 

අක්කර 05ක් දක්වා නොමිලේ රක්ෂණ වන්දි ගෙවීම සිදු කිරීමට නියමිතයි. 

ඒ අනුව වගා හානියකදී හෙක්ටයාරයක් සඳහා රු.100,000ක උපරිමයක් දක්වා රක්‍ෂණ මුදල් නිදහස් කරන බවයි වාර්තා වන්නේ. 

මේ අතර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂණික දුරකථන අංකය වන 1918 අමතා ගොවීන්ට තම වගා හානිවීම් දැනුම්දිය හැකියි. 

(colombotimes.lk)