06 June 2025


ගම්මන්පිලට පැනවූ විදෙස් ගමන් තහනම ඉවතට



ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙක් වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල් මිලියන 20ක මෙරට සමාගම් කොටස් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා නිදොස් කොට නිදහස් කරන ලද හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ මහාධිකරණය විසින්. 

උදය ගම්මන්පිල සිය නීතිඥවරිය මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ පසුගිය මාර්තු මස 24වනදා කොළඹ මහාධිකරණය විසින් තමන්ව නිදොස් කොට නිදහස් කර තිබුණද ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම මෙතෙක් ඉවත් කර නොමැති බවයි.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව උදය ගම්මන්පිලට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයාට නියෝග කළා. 

(colombotimes.lk)