12 January 2025


තවත් නාඩු සහල් තොගයක් ආනයනයට ඇනවුමක්



තවත් නාඩු සහල් මෙට්‍රික් ටොන් 20800ක තොගයක් ආනයනය කිරීමට ඇනවුම් කළ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ අවශ්‍යතාව මත එම සහල් තොග ආනයනය කරන බවයි.

ආණ්ඩුව ආනයනය කළ තවත් නාඩු සහල් කන්ටේනර් 150ක් රේගුව මඟින් නිශ්කාශනය කිරීමට නියමිතව තිබෙනවා.

ඒවායේ අඩංගු සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,900ක් බවයි වාර්තා වන්නේ.

රජය ආනයනය කර බෙදාහැර ඇති මුළු සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 5200ක් පමණ වන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

(colombotimes.lk)