ප්‍රංශයේ ට්රාන්ස්බර්ග් ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ට්රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් බරපතළ අනතුරක් සිදුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක් ට්රෑම් රථයක් හදිසියේ පථය වෙනස් කර අනෙක් පථය වෙත යොමුවීමෙන් එම පථයේ නවත්වා තිබූ ට්රෑම් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවයි.
අනතුරින් පුද්ගලයන් 30දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරත් සමඟ විශාල දුමාරයක්ද එම ප්‍රදේශය අවට පැතිර ගොස් ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් 05දෙනෙක් බරපතළ තත්ත්වයේ පසු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)