ඇමරිකාවේ - ලොස් ඇන්ජලීස්හි පැතිර යන ලැව් ගිනි තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට වෙරළබඩ පැලිසේඩ්ස්හි ගින්න 11%ක් පමණ මැඩපවත්වා ඇති බවයි.
කෙසේවෙතත් ඇල්ටඩෙනා ප්‍රදේශයේ තවමත් ලෑව් ගිනි තත්ත්වය පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම ඇමරිකාවට බලපා ඇති ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචිකරුවන් 100,000කට අධික පිරිසක් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවද විදෙස් වාර්තාවල සඳහන්.
ලොස් ඇන්ජලීස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් නිවාස සහ දේපළ 10 000කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
(colombotimes.lk)