පළාත් පාලන ඡන්ද විමසීම එළඹෙන මාර්තු මස අග හෝ අප්‍රේල් මස මුලදී පැවැත්වීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.
ඒ ඊයේ (11) පානදුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඊට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලබන 17වනදා සියලුු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සාකච්ඡාවක නිරත වන බවයි.
(colombotimes.lk)