ඇමරිකානු ජනාධිපති Joe Biden සහ යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ දුරකථන සංවාදයක නිරත වෙමින්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්රේනයට අවශ්‍ය ඇමෙරිකාවේ සහයෝගය, රුසියාවට එරෙහිව ඇමරිකානු සම්බාධක සහ යුක්රේන ගුවන් ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බවයි.
එමෙන්ම වසර 3කට ආසන්න කාලයක් රුසියාව සමඟ පැවති යුධ ගැටුම්වලට ලබා දුන් සහයෝගය පිළිබඳව යුක්රේන ජනාධිපති Zelenskyy ඇමරිකානු ජනාධිපතිවරයාට ස්තූතිය පළ කර තිබෙනවා.
(colombotimes.lk)