මෙරට මුහුදු සීමාව තුළ අනවසර ලෙස ධීවර කටයුතුවල නිරතවෙමින් සිටි ඉන්දීය ධීවරයන් 8දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ ඊයේ (11) රාත්‍රියේ මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුරදීයි.
එහිදී ඉන්දීය ධීවර යාත්‍රා 02ක්ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
2025 වසරේ මේ දක්වා කාලය තුළ සිදු කළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවර යාත්‍රා 3ක් සහ ඉන්දීය ධීවරයන් 18දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)