පාර්ලිමේන්තුව අද (10) දිනයේදීත් රැස්වීමට නියමිතව තිබෙනවා.
අභාවප්රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා ශෝක ප්රකාශ යෝජනා පළකිරීම වෙනුවෙන් අද සම්පූර්ණ දිනය වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අභාවප්රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන කුමාර වෙල්ගම, එච්. නන්දසේන සහ ටියුඩර් ගුණසේකර යන මන්ත්රීවරුන් සඳහා ශෝක ප්රකාශ යෝජනා පළ කිරීම සඳහා අද පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා කාලය වෙන්කර තිබෙනවා.
(colombotimes.lk)