මේ දිනවල යාපනය ප්‍රදේශයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඒ. කේදීස්වරන් ප්‍රකාශ කළා.
ඒ යාපනයේ පිහිටි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
2024 දෙසැම්බර් මාසය වන විට යාපනය ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් 241දෙනෙක් වාර්තා වී තිබෙනවා.
ඔහු කියා සිටියේ එම මාසයේම අවසන් සතිය වන විට රෝගීන් 50දෙනෙක් වාර්තා වූ බවයි.
ජනවාරි මාසය වන විට මෙම තත්ත්වය තවත් ඉහළයාමේ අවධානමක්ද පවතින බව ඔහු ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ග්‍රාමීය මට්ටමෙන් ඩෙංගු මර්දනය සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා මහජනතාවගේ සහයෝගය ලබාදෙන ලෙසයි.
(colombotimes.lk)